Tuesday 2 June 2020

Let's speak in English

Subject - English
Conducted by Mr. Chandana Rajamanthri
Date - 2020.06.06
-----------------------------------------

Let's speak in English

PART 06 

මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හදන්නේ.
I'm going to start a business.

ඒත් මට ප්‍රමාණවත් මුදල් නෑ ඒ සඳහා 
But I don't have enugh money for that. 

ඉතින් මට වෙනවා ණයක් ගන්න. 
So I have to take a loan. 

ඔයා මොනවාද කරන්න හදන්නේ?
What are you going to do?

මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හදන්නේ
I'm going to start a business.

මොන වගේ ව්‍යාපාරයක්ද?
What kind of business?

මම ගඩොල් නිෂ්පාදනය කරන්න හදන්නේ
I'm going to produce bricks. 

ඔයාට මුදල් තියෙනවාද ඒ සඳහා?
Do you have money for that?

මගේ ළඟ යම් මුදලක් තියෙනවා. 
I have some money. 

ඒක ඇතිද?
Is that enough?

මම එහෙම හිතන්නේ නෑ. 
I don't think so. 

ඔයාට ණයක් ගන්න වෙනවාද?
Do you have to take a loan?

ඔව්, මට ණයක් ගන්න වෙනවා. 
Yes, I have to take a loan. 

ඔයා කොච්චර ගන්න බලාපොරොත්තු වෙනවාද?
How much do you expect to take?

මට බැංකුව සමග සාකච්ඡා කරන්න වෙනවා ඒ ගැන. 
I have to discuss with the bank about that.


PART 07

බබා අඬනවා.
The baby is crying. 

ඔහුට බඩගිනි වෙන්න ඇති. 
May be he is hungry. 

ඔහුගේ මව ගෙදර නෑ. 
His mother is not at home. 

බබා අඬනවාද?
Is the baby crying?

ඔව්, ඔහු අඬනවා. 
Yes, he is crying. 

ඔහුට වයස කීයද?
How old is he?

ඔහුට අවුරුද්දක් විතරයි. 
He is only one year old. 

ඔහු සුරතල් බබෙක්ද?
Is he a cute baby?

ඔව්, ඔහු සුරතල් බබෙක්.
Yes, he is a cute baby. 

ඇයි ඔහු අඬන්නේ?
Why is he crying?

ඔහුට බඩගිනි වෙන්න ඇති. 
May be he is hungry. 

අපිට බැරිද ඔහුට කවන්න?
Can't we feed him?

අපි උත්සාහ කරමු.
Let's try. 

ඔහුගේ මව ගෙදර නැද්ද?
Isn't his mother at home?

නෑ, ඇය ගෙදර නෑ. 
No, she is not at home. 

ඇය කොහේද?
Where is she?

ඇය පොළට ගිහිල්ලා.
She has gone to the fair.


PART 08

අද මට නිවාඩු දිනයක්.
Today is a holiday for me.

ඉතින් මම විවේකීව ඉන්නවා.
So I'm free. 

මම බලාපොරොත්තු වෙනවා වෙරළට යන්න හවසට. 
I hope to go to the beach in the evening.

අද ඔයාට නිවාඩු දවසක්ද?
Is today a holiday for you?

ඔව්, අද මට නිවාඩු දිනයක්. 
Yes, today is a holiday for me. 

අද ඔයා වැඩට යන්නේ නැද්ද?
Aren't you going to work today?

නෑ, අද මම වැඩට යන්නේ නෑ. 
No, I'm not going to work today. 

ඔයාට නිදහස්ද අද?
Are you free today?

ඔව්, මම අද නිදහස්
(මට අද නිදහසක් තියෙනවා)
Yes, I'm free today. 
(Yes, I have free today.)

ඔයා අද කාර්යබහුල නැද්ද?
Aren't you busy today?

නෑ, මම අද කාර්යබහුල නෑ. 
No, I'm not busy today. 

ඔයා වෙරළට යන්න බලාපොරොත්තු වෙනවාද?
Do you hope to go to the beach?

ඔව්, මම වෙරළට යන්න බලාපොරොත්තු වෙනවා. 
Yes, I hope to go to the beach. 

කා සමගද ඔයා යන්නේ එහේ?
With whom are you going there?

මම යනවා මගේ මිතුරන් සමග.
I'm going with my friends.


PART 09

කමල් වෛද්‍යවරයෙක්.
Kamal is a doctor. 

ඔහු වැඩ කරනවා මහ රෝහලේ. 
He works at the general hospital. 

ඔහුට කාර් එකක් තියෙනවා. 
He has a car. 

කමල් වෛද්‍යවරයෙක්ද?
Is Kamal a doctor?

ඔව්, කමල් වෛද්‍යවරයෙක්.
Yes, Kamal is a doctor.

කමල් ව්‍යාපාරිකයෙක් නෙවෙයිද?
Isn't Kamal a businessman?

නෑ, කමල් ව්‍යාපාරිකයෙක් නෙවෙයි.
No, Kamal isn't a businessman. 

ඔහු කොහේද වැඩකරන්නේ?
Where does he work?

ඔහු වැඩ කරන්නේ මහ රෝහලේ. 
He works at the general hospital. 

ඔහු ඉරිදා වැඩකරන්නේ නැද්ද?
Doesn't he work on Sunday?

ඔහුට නිවාඩු ඉරිදට.
He is free on Sunday. 

ඔහුට කාර් එකක් තියෙනවාද?
Does he have a car?

ඔව්, ඔහුට කාර් එකක් තියෙනවා. 
Yes, he has a car. 

ඔහුට ලොරියක් නැද්ද?
Doesn't he have a lorry. 

නෑ, ඔහුට ලොරියක් නෑ.
No, he doesn't have a lorry.


PART 10

ඇය ගුරුවරියක්.
She is a teacher. 

ඇය ඉංග්‍රීසි උගන්වනවා
She is teaching English. 

ඇයට පුතෙක් ඉන්නවා.
She has a son. 

ඇය ගුරුවරියක්ද?
Is she a teacher?

ඔව්, ඇය ගුරුවරියක්.
Yes, she is a teacher. 

ඇය හෙදියක් නෙවෙයිද?
Isn't she a nurse?

නෑ, ඇය හෙදියක් නෙවෙයි. 
No, she isn't a nurse. 

ඇය මොනවද උගන්වන්නෙ?
What is she teaching?

ඇය උගන්වන්නෙ ඉංග්‍රීසි .
She is teaching English.

ඇය විද්‍යාව උගන්වන්නෙ නැද්ද?
Isn't she teaching science?

නෑ, ඇය විද්‍යාව උගන්වන්නෙ නෑ.
No, she isn't teaching science. 

ඇයට පුතෙක් ඉන්නවාද?
Does she have a son?

ඔව්, ඇයට පුතෙක් ඉන්නවා. 
Yes, she has a son. 

ඇයට දුවෙක් නැද්ද?
Doesn't she have a daughter?

නෑ, ඇයට දුවෙක් නෑ.
No, she doesn't have a daughter. 

ඇයට ළමයි කී දෙනෙක් ඉන්නවාද?
How many children does she have?

ඇයට ළමයි දෙන්නෙක් ඉන්නවා.
She has two children.


----------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment

Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...