Thursday 30 April 2020

භූපාලි රාගයේ ලක්ෂණ ගීතය හා මධ්‍යලය ගීතය - සංගීතය

විෂය - සංගීතය
මෙහෙයවීම - රංග ගුණවර්ධන මයා
දිනය - 2020.04.30

-----------------------------------------------------------------------------

භූපාලි රාගයේ ලක්ෂණ ගීතය හා මධ්‍යලය ගීතය

සුභ සන්ධ්‍යාවක් වේවා 9 ශ්‍රේණියේ දරුවො හැමෝටම

අපි අද භූපාලි රාගයේ ලක්ෂණ ගීතය හා මධ්‍යලය ගීතය පිළිබඳ ඉගෙන ගනිමු. මෙම පාඩම රාගධාරී සංගීතය කොටසේ සටහන් කරගන්න.

රාගය - භූපාලි- ලක්ෂණ ගීතය - තාලය - ත්‍රී තාලය


රාගය - භූපාලි - මධ්‍යලය - තාලය - ත්‍රී තාලය



භූපාලි රාගය - තානාලංකාරය


ඉහතින් මා දක්වා ඇති සටහන හොදින් කියවා ලියා ගන්න පුතේ. ඉන්පසුව අපි ඉහත ප්‍රස්ථාර ගායනය,වාදනය  කරමු.

හොදයි දැන් අපි භූපාලි රාගයේ ලක්ෂණ ගීතය ගායනය වාදනය කරමු.

Audio 1

Audio 2


Audio 3


පැවරුම 1
පහත සදහන් ප්‍රශ්න වලට නිවැරැදි පිළිතුරු සපයන්න.
1.රාගයක රාගභාවය වෙනස්වීමට බලපාන ස්වර ප්‍රභේද යටතේ පහත සදහන් ස්වර වර්ග කෙටියෙන් හදුන්වා ඒවාට නිදසුන් දක්වන්න.
1) වාදී ස්වර
2) සංවාදී ස්වර
3) විවාදී ස්වර
4) අනුවාදී ස්වර
5) වර්ජිත ස්වර

2. ශාස්ත්‍රීය රාගධාරී සංගීතයට අනුව රාගයක මුක්‍යාංගය යනු කුමක්ද?
3. විශ්ණු නාරායන භාත් කණ්ඩ පඩිවරයා විසින් හදුන්වා දුන් දස ථාඨයන් නම් කරන්න.
4. එම දස ථාඨයන් ඇතුලත් භාරතීය ග්‍රන්ථය කුමක්ද?
5.රාගයක් බිහිවීමට අවශ්‍ය මූලික අංග මොනවාද?
6.හින්දුස්ථානී තාල පද්ධතියට අයත් ත්‍රී තාලයෙහි ඨේකාව නියමිත තාල සංකේත සහිතව තාලානුකූලව ප්‍රස්ථාර කර දක්වන්න.
7. එම තාලයට ගැලපෙන දේශීය තිත් රූපය තාලානුකූලව ප්‍රස්ථාර කර දක්වන්න.
8.පහත සදහන් හින්දුස්ථානී තාලයක මූලික අංග කෙටියෙන් හදුන්වන්න.
1) සමග්‍රහය
2) කලිස්ථානය
3) අනුතාලස්ථාන
4) මාත්‍රා
5) ඨේකාව
6) විභාග
7)ආවර්ථ

9. භූපාලි රාගයේ ලක්ෂණ ගීතයෙහි ස්ථායී කොටස තාලානුකූලව මතකයෙන් ප්‍රස්ථාර කර දක්වන්න.
10. භූපාලි රාගයේ මධ්‍යලය ගීතයෙහි ස්ථායී කොටස තාලානුකූලව මතකයෙන් ප්‍රස්ථාර කර දක්වන්න.

එහෙනම් පුතේ භූපාලි රාගයේ සියලු කොටස් උගන්වා අවසානයි. රාගයට අදාලව ගැටලු ඇත්නම් මා වෙත යොමු කරන්න.දී ඇති පැවරුම් වලට පිළිතුරු සපයන්න. ඉගැන්වූ රාගය ඇතුළු සියලුම පාඩම් හොදින් අධ්‍යයනය කරන්න.ප්‍රායෝගික කොටස් සියල්ලම හොදින් ප්‍රගුණ කරන්න.
අදට පාඩම අවසන්.

සියලු දෙනාට තෙරුවන් සරණයි.
ආයුබෝවන් 

----------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment

Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...