Thursday 23 April 2020

භූපාලි රාගය - සංගීතය

මෙහෙයවීම - රංග ගුණවර්ධන මයා

සුභ සන්ධ්‍යාවක් වේවා 9 ශ්‍රේණියේ සංගීත විෂය හදාරන දරුවො හැමෝටම

දෙවන වාරයට නියමිත දෙවන පාඩම් මාතෘකාව භූපාලි රාගය
එම පාඩමට අදාළව විෂය කරුණු රාගධාරී සංගීතය කොටසේ සටහන් කරගන්න.

භූපාලි රාගය

රාගය   :- භූපාලි
මේලය  :- කල්‍යාණ
ආරෝහණ :- ස,රි,ග,ප,ධ,ස( මෙහි අවසාන ස ස්වරය උච්‍ය,සඩ්ජය විය යුතුයි.)
අවරෝහණ :- ස,ධ,ප,ග,රි,ස ( මෙහි පළමු ස ස්වරය උච්‍ය සඩ්ජය විය යුතුයි.)
ජාතිය  :- ඖඩව - ඖඩව (5-5)
වාදී   :- ග
සංවාදී  :- ධ
මුක්‍යාංගය :- ගරිස,ධ,සරිග,පග,ධපග,රිස (මෙහි ධ ස්වරය මන්ද්‍ර  විය යුතුයි)
ගායන සමය :- රාත්‍රී ප්‍රථම ප්‍රහරය
රස  :- වීර,භක්ති
විශේෂ ලක්ශණ :-  හින්දුස්ථානී රාගධාරී සංගීත පද්ධතියට අයත් භූපාලි රාගය කල්‍යාණ මේල ගත රාගයකි. ආරෝහණයේ දී හා අවරෝහණයේ දී මධ්‍යමය හා නිශාදය වර්ජිතව යෙදෙන අතර සෙසු ස්වර සියල්ල ශූද්ධව යෙදේ.

මෙම රාගයේ සරිප යන ස්වරයන් අනුවාදී ස්වර ලෙස යෙදෙන අතර ගාන්ධාරී හා දෛවතය ප්‍රබලව ඇසුරු කරයි. මෙම රාගයෙහි ගරිස,පධසරිග,ධපගරිග,සසධප,ගරිගප, ගරිසධප, පග,රිගප,ගරිසධස භූපාලි රාග භාවය  හා රාග රසය මතු කරවන විශේෂ ස්වර සංගති වේ. වීර භක්ති රසයන්ගෙන් අනූන භූපාලි රාගය ලෝකප්‍රකට රාගයකි.
මන්ද්‍ර,මධ්‍ය,උච්‍ය ත්‍රිවිධ සප්තකයම ඇසුරු කරන භූපාලි රාගය අති මධුර රාගයකි.

භූපාලි රාගයේ ස්වර අභ්‍යාස



භූපාලි රාගයේ කෙටි ස්වර කණ්ඩ


Audio 1

Audio 2

Audio 3

Audio 4


Audio 5

පුතේ, මම මෙතෙක් ඉගැන්වූ භූපාලි රාගයට අදාළව සිද්ධාන්ත හා ප්‍රායෝගික කොටස් අධ්‍යයනය කරලා පහත සදහන් ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න. පිළිතුරු ලියා මාගේ පෞද්ගලික වට්සප් ගිණුම වෙත එවන්න.

1. භූපාලි රාගයේ ආරෝහණ හා අවරෝහණ ස්වර ලියන්න.
2. භූපාලි රාගයේ වර්ජිත ස්වර මොනවාද?
3. භූපාලි රාගයේ අනුවාදී ස්වර මොනවාද?
4. භූපාලි රාගයට අදාළව කෙටි ස්වර සංගති 5 ක් ලියන්න.
5. සරි,සරිග,සරිගප,...... මෙය භූපාලි රාගයට අනුව උච්ච සඩ්ජය දක්වා වර්ධනය කර ලියන්න.
6. භූපාලි රාගයේ ජාතිය කුමක්ද?
7. රාගයක ජාතිය තීරණය වීම සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නෙ කුමක්ද?
8. භූපාලි රාගයට අදාළ සර්ගම් ගීතයෙහි ස්ථායී කොටස තාලානුකූලව ස්වර ප්‍රස්ථාර කරන්න.
9. එම සර්ගම් ගීතයට අදාළ හින්දුස්ථානී තාලය ප්‍රස්ථාර කර දක්වන්න.
10. භූපාලි රාගයේ මුක්‍යාංගය ලියා දක්වන්න. ( මෙහි ක අකුර මහාප්‍රාණ විය යුතුයි.)

අදට පාඩම අවසන්. ලබන සතියේ නැවත හමුවෙමු.සියලු දෙනාට තෙරුවන් සරණයි.
ආයුබෝවන්


චිත්‍ර - වාහල්කඩ හා වටදාගෙය නිර්මාණ අගයමු

මෙහෙයවීම - භාරත කුමාර රූපසිංහ මයා

සුබ සැන්දෑවක් සියලුම දරුවන්ට....... දැන් අපි චිත‍්‍ර පාඩම සඳහා සුදානම් වෙමු.












ඉතිහාසය

ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ ‍චෙෙත්‍ය වන්දනාව හඳුන්වා ‍දෙන ලද්දේ මහින්ද හිමියන් විසිනිග මහින්ද හිමියන් කරන ලද ඉල්ලීමක් පරිදි දේවානම්පිය තිස්ස රජු ථූපාරාමය චෙෙත්‍ය ඉදි ක‍ළේය. බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව ‍මෙහි නිදන් කර ති‍බේ. චෙෙත්‍ය ප්‍රථමයෙන්ම  ‍ගොඩනංවා ඇත්තේ ධාන්‍යාකාර හැඩයෙනි :වී ‍ගොඩක අකාර‍යෙනි'. ‍මෙම දාගැබ වරින් වර විනාශ කිරීම් වලට ලක් විය. ‍දෙවැනි අග්බෝ රජ සම‍යේ එය සම්පූර්ණ‍යෙන්ම විනාශ වූ අතර රජතුමා විසින් නැවත ‍ගොඩනංවන ලදී. අපට වර්තමාන‍යේ දක්නට ලැබෙන්නේ ක්‍රිගවග 1862 දී ‍ගොඩනැංවු දාගැබයි. එම නිසා දාගැබෙහි වර්ථමානයේ හැඩය ඝණ්ඨාකාර වේ. ‍ගෙවී ගිය ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ කිහිප වරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අදට ‍පෙනෙන්නට තිබෙන ‍චෙෙත්‍යයේ ගර්භ‍යේ පාදම අඩි 59 :මී 18' විශ්කම්භයකින් යුතුය. උස අඩි 11 අඟල් 4 කි. :මී 3.45' විශ්කම්භය අඩි එකසිය හැට හතර හමාරකිග :මී.50.1' මළුවේ කළු ගල් අතුරා ඇත. ගල් කණු ‍පේලි 2 ක් දාගැබ වටා ඇත්තේය. දාගැබ වටා මුල් කාල‍යේ වටදා‍ගෙයක් තනා තිබු‍නේය.

ගෘහ නිර්මාණශිල්පය

උස් වේදිකාවක් මත වටදාගෙයක් තුල මෙම චෙෙත‍ය ඉදිකර තිබී ඇත. වටදාගෙයහි දාගැබ වටා තිබූ බිත්තියත් ඊට ඉහලින් තිබූ පියස්සත් වර්තමානය වන විට අභාවයට ගොස් ඇති නමුත් පියස්ස දරා සිටි ගල්කණු පෙළි සතර තවමත් ආරක්ෂිතව පවතී. මෙම ගල් කණු පේළි සතර උසින් එකිෙනකට වෙනස් වේ. සෑම ඇතුල් පෙළකම ටැම් ඊට පිටත පෙළට වඩා උසින් වැඩිය. ගල් කණු සියල්ල අටපට්ටම් වර්ගයට අයත් එවා වේ. ටැම් හිස් වල ඇති කැටයම් ද එකිනෙනකට වෙනස්ය. පළමු හා දෙවන පේළි වල ටැම් හිස් ඝණ රුප වලින් ද තෙවන පේලිහි ටැම් හිස් පක්ෂී රෑප වලින් ද සිව් වන පේලිහි ටැම් හිස් මල් ලියකම් වලින් ද අලංකාර කර ඇත. නැගෙනහිර පිවිසුමට දකුණින් වන්දනාකරැවන්හේ පහසුව වෙනුවෙන් කුඩා පැන් දෙණියක් ඉදිකර ඇත. දාගැබට පිවිසීමට තනා ඇති පියගැට පෙළ හා ඒ දෙපස ඇති කොරවක්ගල්, මුරගල් හා සදකඩපහන ද අලංකාර නිර්මාණ වේ.

දරුවන් සියලුම දෙනාම අදාළ පාඩම හොඳින් අධ්‍යනය කරන්න.
අනතුරුව අසා ඇති ප‍්‍රශ්න වලට පිළිතුරු ලියන්න.
රූපසටහන් සහිතව සටහන පිටපත් කරගැනීම අවශ්‍ය කරුණක් බව සහිපත් කරමි.
පහත දැක්වෙන ලින්ක් හැකිනම් නරඔන්න.

You Tube Links
https://www.youtube.com/watch?v=-cG8TdSE9x0

https://www.youtube.com/watch?v=hVvM2c9TXR8

https://www.youtube.com/watch?v=QjnN9ZUoDdM&t=18s

මේපාඩමට අදාල බොලොග් පිටුව නරඔන්න මේ ලින්ක් එකට පිවිසෙන්න.

ගැටලූ ඇතිනම් විමසන්න පුද්ගලික වට්ස්ඇප් ගිණුම හරහා.

ආයුබෝවන් දරුවනේ.




නර්තනය - කථක් නර්තන සම්ප්‍රදාය

මෙහෙයවීම - විරාජ් ජයවර්ධන මයා

ආයුබෝවන් හැමෝට අද පාඩම "කථක් නර්තන සම්ප්‍රදාය" පුතේ......
මෙහෙමයි මේ හැම සටහනක්ම ලියාගන්නවද නැද්ද කියන එක ඔබේ තීරණයක් මේ වෙලාවේ.......
හැබැයි මම අවසානයේ එවන කාර්ය පත්‍රිකාව
සම්පූර්ණ කරන්නට අවශ්‍යයි...
එතකොට ඔයාලට මේ එවන තොරතුරු හැම එකක්ම ඉතා වැදගත්.......






තවත් අමතර තොරතුරු එවනවා මම පුතාලා.....









මම දැන් youtube වීඩියෝවක් එවනවා පුතේ......එහි නර්තනයේ යෙදෙන්නෙ ඔබට ඉගෙන ගන්නට තියෙන කථක් නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශිල්පයෙකු වන  ගුරු දේව බිර්ජු මහරාජ් .......

You tube Video Link
https://youtu.be/UYT-IHNg9AM

https://youtu.be/9vjUWLWbAKE

Audio 1

https://youtu.be/XU3eFkY1BTI

Audio 2

Audio 3

Audio 4

Audio 5

හොඳයි පුතාලා දැන් මම කාර්ය පත්‍රිකාව එවනවා........
ඉහල එවා තිබෙන හැම සටහනක්ම....ඡායාරූපයක්ම නැවත නැවත අධ්‍යයනය කරලා ඒ ප්‍රශ්ණ වලට පැහැදිලි සවිස්තරාත්මක පිළිතුරු මට එවන්න.........

හැමෝටම ආයුබෝවන්....... තෙරුවන් සරණයි...
පරිස්සමින් ගෙදරම ඉන්න.....කෝ බලන්න ඊළඟ දවසේ ගෙදර ඉඳන් නටන්න කැමති අය....?

ඉතිහාසය - බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ බලය තහවුරු කර ගැනීම - 2 වන කොටස

ඉතිහාසය - බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ බලය තහවුරු කර ගැනීම - 2 වන කොටස

මෙහෙයවීම - නිශාන්ත ලාල් රණසිංහ මයා

Audio 1

Audio 2





Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...