Saturday 6 June 2020

Let's speak in English

Subject - English
Conducted by Mr. Chandana Rajamanthri
Date - 2020.06.06
-----------------------------------------

Let's speak in English

PART 11

මම පුස්තකාලයේ සාමාජිකයෙක්
I'm a member of the library

ඔබට සාමාජිකයෙක් වෙන්න ඕනනම් ඔබ ඉල්ලුම්පතක් පුරවන්න ඕන.
If you want to be a member you should fill an application. 

ඔබ එය පුස්තකාලායාධිපතිට දෙන්න ඕන. 
You should give it to the librarian. 

ඔයා පුස්තකාලයේ සාමාජිකයෙක්ද?
Are you a member of the library?

ඔව්, මම පුස්තකාලයේ සාමාජිකයෙක්.
Yes, I'm a member of the library. 

මට සාමාජිකයෙක් වෙන්න පුළුවන්ද?
Can I be a member?

ඇත්තෙන්ම, ඔබටත් සාමාජිකයෙක් වෙන්න පුළුවන්. 
Of course, you also can be a member. 

මම මොනවාද කරන්න ඕන සාමාජිකයෙක් වෙන්න?
What should I do to be a member?

ඔයා ඉල්ලුම්පතක් පුරවන්න ඕන. ඔයා එය පුස්තකාලායාධිපතිට දෙන්න ඕන.
You should fill an application and give it to the librarian. 

එපමණද?
Is that all?

නෑ, ඔයාට වෙනවා සාමාජික මුදලක් ගෙවන්න. 
No, you have to pay a membership fee

මම කීයක් ගෙවන්න ඕනද?
How much should I pay?

රුපියල් 500ක් විතර වෙන්න ඇති. 
May be about 500 rupees. 

ඕන කෙනෙකුට සාමාජිකයෙක් වෙන්න පුළුවන්ද?
Can anyone be a member?

නෑ, ඔබ පදිංචිකරුවෙක් වෙන්න ඕන ප්‍රදේශය තුළ. 

No, you should be a resident in the area.

Audio 1

PART 12

මම බසයක් එනකම් ඉන්නේ.
I'm waiting for a bus. 

මම නුවර යනවා. 
I'm going to Kandy. 

බසයක් තියෙනවා 10.30ට. 
There is a bus at 10.30

ඇයි ඔයා මෙතන?
Why are you here?

මම බසයක් එනකම් ඉන්නවා.
I'm waiting for a bus.

ඔයා කොහේද යන්නේ?
Where are you going?

මම නුවර යනවා.
I'm going to Kandy. 

ඇයි ඔයා නුවර යන්නේ?
Why are you going to Kandy?

මම නුවර යන්නේ ව්‍යාපාර කටයුත්තකට 
I'm going to Kandy for a business matter.

කවදද ඔයා නැවත එන්නේ?
When are you coming back?

මම නැවත එනවා දින දෙකකින්.
I'm coming back in two days. 

බසයක් තියෙනවාද මේ වෙලාවට?
Is there a bus at this time?

ඔව්, බසයක් තියෙනවා 10.30ට.
Yes, there is a bus at 10.30

ඔයාට දුම්රියේ යන්න බැරිද?
Can't you go by train?

දුම්රියක් නෑ නුවරට. 

There is no train to Kandy.

Audio 2

PART 13

දුම්රියක් තියෙනවා දුම්රියපළේ.
There is a train at the station. 

ඒක පිටවෙනවා 10.30ට
It leaves at 10.30

ඒක සීඝ්‍රගාමි දුම්රියක්.
It is an express train. 

එහි ගමනාන්තය ගාල්ල.
It's destination is Galle.

දුම්රියක් තියෙනවාද වේදිකාවේ?/ (දුම්රිය ස්ථානයේ)
Is there a train at the platform? / (station)

ඔව්, දුම්රියක් තියෙනවා.
Yes, there is a train. 

මගීන් ඉන්නවද දුම්රියේ?
Are there passengers on the train?

ඔව්, මගීන් ඉන්නවා දුම්රියේ.
Yes, there are passengers on the train. 

කීයටද දුම්රිය පිටත් වෙන්නේ?
What time does the train leave?

දුම්රිය පිටත් වෙන්නේ 10.30ට
The train leaves at 10.30

ඒක කීයටද ගමනාන්තයට ළඟාවෙන්නේ?
What time does it reach the destination?

එය ගමනාන්තයට ළඟාවෙන්නේ 12.30ට විතර.
It reaches the destination around 12.30

ඒක සීඝ්‍රගාමි දුම්රියක්ද?
Is it an express train?

ඔව්, ඒක සීඝ්‍රගාමි දුම්රියක්.
Yes, it is an express train.

ඔයා කොහොමද ඒක සීඝ්‍රගාමි දුම්රියක් කියන්නේ?
How do you say it is an express train?

මොකද ඒක නවත්වන්නේ ප්‍රධාන දුම්රිය ස්ථානවල පමණයි.

Because it stops only at main stations.

Audio 3

PART 14

ඇය දැඩි දත් කැක්කුමකින් පෙළෙනවා.
She is suffering from a severe toothache.

ඇයට නරක්වූ දතක් තිබෙනවා.
She has a bad tooth. 

ඇය දන්ත වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕන. 
She should meet a dentist. 

දන්ත වෛද්‍යවරයෙක් ඉන්නවා හන්දියේ. 
There is a destist at the junction. 

ඇයට මොකද වෙලා තියෙන්නේ?
What is wrong with her?

ඇය දත් කැක්කුමකින් පෙළෙනවා.
She is suffering from a toothache.

ඇයට නරක් වූ දතක් තිබෙනවාද?
Does she have a bad tooth?

ඔව්, ඇයට නරක් වූ දතක් තියෙනවා.
Yes, she has a bad tooth. 

ඇය මොනාද කරන්න ඕන?
What should she do?

ඇය දන්ත වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕනෙ.
She should meet a dentist. 

දන්ත වෛද්‍යවරයෙක් ඉන්නවාද?
Is there a dentist?

දන්ත වෛද්‍යවරයෙක් ඉන්නවා හන්දියේ.
There is a dentist at the junction. 

ඇයට තනියම යන්න පුළුවන්ද?
Can she go alone?

ඇය තනියම යන්න නරකයි.
She shouldn't go alone. 

මම යන්නද ඇය සමග?
Shall I go with her?

ඒක වඩා හොඳයි.

That's better.

Audio 4

PART 15

මේ තෑග්ග ඔබට
This present is for you. 

මේක වටිනා කමිසයක්.
This is a valuable shirt. 

ඔබව කඩවසම්ව පේනවා ඒ කමිසය ඇන්දාම.
You look handsome in that shirt. 

ඔයා සතුටුවෙන්න ඕනෙ.
You should be happy. 

මේ තෑග්ග මටද?
Is this present for me?

ඔව්, ඒ තෑග්ග ඔබට.
That present is for you. 

මේ තෑග්ග කමල්ට නෙවෙයිද?
Isn't this present for Kamal?

නෑ ඒක කමල්ට නෙවෙයි.
No, it is not for Kamal.

මේක වටිනා කමිසයක්ද?
Is this a valuable shirt?

ඔව්, ඒක වටිනා කමිසයක්.
Yes, it is a valuable shirt. 

ඒකෙ මිල කීයද?
What is the price of it?

ඒක 1250/=
It is 1250/=

කොහොමද මම පේන්නේ?
How do I look?

ඔයා ලස්සනට පේනවා.
You look beautiful. 

මම කඩවසම් ලෙස පේනවද?
Do I look handsome?

ඔව්, ඔයා කඩවසම් ලෙස පේනවා.
Yes, you look handsome. 

මම සතුටු වෙන්න ඕනෙද?
Should I be happy?

ඔව්, ඔයා සතුටු වෙන්න ඕනෙ.

Yes, you should be happy.

Audio 5

-------------------------------------------------------------------------------------------

Wednesday 3 June 2020

සමුපකාර ව්‍යාපාරයේ වර්තමාන කාර්යභාරය හඳුනාගැනීම - භූගෝල විද්‍යාව

විෂය - භූගෝල විද්‍යාව
මෙහෙයවීම - ප්‍රභාත් මධුරංග මයා 
දිනය - 2020.06.03
-----------------------------------------

සමුපකාර ව්‍යාපාරයේ වර්තමාන කාර්යභාරය හඳුනාගැනීම 

සුභ සැන්දෑවක් අපේ පුතාලා හැමෝටම ආයුබෝවන්. 
අද අපි කතා කරන්න බලාපොරොත්තු වන මාතෘකාව වන්නේ සමුපකාර ව්‍යාපාරයේ වර්තමාන කාර්යභාරය හඳුනාගැනීම.

Audio 1

Audio 2

පහතින් දී ඇති අභ්‍යාස වලට පිළිතුරු ලියන්න.

  1. සමුපකාර  ව්‍යාපාරය විසින් ඉටු කරනු ලබන  කාර්යයන් 12ක් ලියන්න. (ලකුණු 05)
  2. විවිධ සේවා සමූපාකාර  ව්‍යාපාරයක් ලෙස ඔබ හඳුනා ගන්නේ කුමක් ද? (ලකුණු 05)
  3. විවිධ සේවා සමුපකාර සමිති මගින් ඉටුවන සේවා 12ක් ලියා දක්වන්න. ( ලකුණු 05 )
  4. පාසල් සමුපකාර සමිතියක පරමාර්ථ පහක් ලියා දක්වන්න.(ලකුණු 05)
  5. පාසල් සමුපකාර සමිතියක අරමුණු හයක් ලියා දක්වන්න. (ලකුණු 05)
  6. පාසල් සමුපාකාර සමිතිය කින් පාසල් දරුවන්ට ලබා ගත හැකි ලබා ගත හැකි සේවාවන් 06ක් ලියා දක්වන්න. (ලකුණු 05)


ක්‍රියාකාරකම 2.5 කරන්න.

ආයුබෝවන් පුතේ බුදු සරණයි.
---------------------------------------------------------------------------------------------

ජිවි චලන - විද්‍යාව

විෂය - විද්‍යාව 
මෙහෙයවීම - නදිත් උපේන්ද්‍ර නිශ්ශංක මයා
දිනය - 2020.06.03
-------------------------------------------

ජිවි චලන

ආයුබෝවන්.
දැන් ගිය සතියෙ කල පාඩම වන ජිවි චලන පාඩම නැවත මතක් කර ගන්න.

ඉහත ක්‍රියාකාරකම හදපු අය පහත රුපය ඇද නම් කරන්න.
ස්තූතියි දරුවනේ, සුබ දවසක් 
-------------------------------------------------------------------------------------------

Tuesday 2 June 2020

Let's speak in English

Subject - English
Conducted by Mr. Chandana Rajamanthri
Date - 2020.06.06
-----------------------------------------

Let's speak in English

PART 06 

මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හදන්නේ.
I'm going to start a business.

ඒත් මට ප්‍රමාණවත් මුදල් නෑ ඒ සඳහා 
But I don't have enugh money for that. 

ඉතින් මට වෙනවා ණයක් ගන්න. 
So I have to take a loan. 

ඔයා මොනවාද කරන්න හදන්නේ?
What are you going to do?

මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හදන්නේ
I'm going to start a business.

මොන වගේ ව්‍යාපාරයක්ද?
What kind of business?

මම ගඩොල් නිෂ්පාදනය කරන්න හදන්නේ
I'm going to produce bricks. 

ඔයාට මුදල් තියෙනවාද ඒ සඳහා?
Do you have money for that?

මගේ ළඟ යම් මුදලක් තියෙනවා. 
I have some money. 

ඒක ඇතිද?
Is that enough?

මම එහෙම හිතන්නේ නෑ. 
I don't think so. 

ඔයාට ණයක් ගන්න වෙනවාද?
Do you have to take a loan?

ඔව්, මට ණයක් ගන්න වෙනවා. 
Yes, I have to take a loan. 

ඔයා කොච්චර ගන්න බලාපොරොත්තු වෙනවාද?
How much do you expect to take?

මට බැංකුව සමග සාකච්ඡා කරන්න වෙනවා ඒ ගැන. 
I have to discuss with the bank about that.


PART 07

බබා අඬනවා.
The baby is crying. 

ඔහුට බඩගිනි වෙන්න ඇති. 
May be he is hungry. 

ඔහුගේ මව ගෙදර නෑ. 
His mother is not at home. 

බබා අඬනවාද?
Is the baby crying?

ඔව්, ඔහු අඬනවා. 
Yes, he is crying. 

ඔහුට වයස කීයද?
How old is he?

ඔහුට අවුරුද්දක් විතරයි. 
He is only one year old. 

ඔහු සුරතල් බබෙක්ද?
Is he a cute baby?

ඔව්, ඔහු සුරතල් බබෙක්.
Yes, he is a cute baby. 

ඇයි ඔහු අඬන්නේ?
Why is he crying?

ඔහුට බඩගිනි වෙන්න ඇති. 
May be he is hungry. 

අපිට බැරිද ඔහුට කවන්න?
Can't we feed him?

අපි උත්සාහ කරමු.
Let's try. 

ඔහුගේ මව ගෙදර නැද්ද?
Isn't his mother at home?

නෑ, ඇය ගෙදර නෑ. 
No, she is not at home. 

ඇය කොහේද?
Where is she?

ඇය පොළට ගිහිල්ලා.
She has gone to the fair.


PART 08

අද මට නිවාඩු දිනයක්.
Today is a holiday for me.

ඉතින් මම විවේකීව ඉන්නවා.
So I'm free. 

මම බලාපොරොත්තු වෙනවා වෙරළට යන්න හවසට. 
I hope to go to the beach in the evening.

අද ඔයාට නිවාඩු දවසක්ද?
Is today a holiday for you?

ඔව්, අද මට නිවාඩු දිනයක්. 
Yes, today is a holiday for me. 

අද ඔයා වැඩට යන්නේ නැද්ද?
Aren't you going to work today?

නෑ, අද මම වැඩට යන්නේ නෑ. 
No, I'm not going to work today. 

ඔයාට නිදහස්ද අද?
Are you free today?

ඔව්, මම අද නිදහස්
(මට අද නිදහසක් තියෙනවා)
Yes, I'm free today. 
(Yes, I have free today.)

ඔයා අද කාර්යබහුල නැද්ද?
Aren't you busy today?

නෑ, මම අද කාර්යබහුල නෑ. 
No, I'm not busy today. 

ඔයා වෙරළට යන්න බලාපොරොත්තු වෙනවාද?
Do you hope to go to the beach?

ඔව්, මම වෙරළට යන්න බලාපොරොත්තු වෙනවා. 
Yes, I hope to go to the beach. 

කා සමගද ඔයා යන්නේ එහේ?
With whom are you going there?

මම යනවා මගේ මිතුරන් සමග.
I'm going with my friends.


PART 09

කමල් වෛද්‍යවරයෙක්.
Kamal is a doctor. 

ඔහු වැඩ කරනවා මහ රෝහලේ. 
He works at the general hospital. 

ඔහුට කාර් එකක් තියෙනවා. 
He has a car. 

කමල් වෛද්‍යවරයෙක්ද?
Is Kamal a doctor?

ඔව්, කමල් වෛද්‍යවරයෙක්.
Yes, Kamal is a doctor.

කමල් ව්‍යාපාරිකයෙක් නෙවෙයිද?
Isn't Kamal a businessman?

නෑ, කමල් ව්‍යාපාරිකයෙක් නෙවෙයි.
No, Kamal isn't a businessman. 

ඔහු කොහේද වැඩකරන්නේ?
Where does he work?

ඔහු වැඩ කරන්නේ මහ රෝහලේ. 
He works at the general hospital. 

ඔහු ඉරිදා වැඩකරන්නේ නැද්ද?
Doesn't he work on Sunday?

ඔහුට නිවාඩු ඉරිදට.
He is free on Sunday. 

ඔහුට කාර් එකක් තියෙනවාද?
Does he have a car?

ඔව්, ඔහුට කාර් එකක් තියෙනවා. 
Yes, he has a car. 

ඔහුට ලොරියක් නැද්ද?
Doesn't he have a lorry. 

නෑ, ඔහුට ලොරියක් නෑ.
No, he doesn't have a lorry.


PART 10

ඇය ගුරුවරියක්.
She is a teacher. 

ඇය ඉංග්‍රීසි උගන්වනවා
She is teaching English. 

ඇයට පුතෙක් ඉන්නවා.
She has a son. 

ඇය ගුරුවරියක්ද?
Is she a teacher?

ඔව්, ඇය ගුරුවරියක්.
Yes, she is a teacher. 

ඇය හෙදියක් නෙවෙයිද?
Isn't she a nurse?

නෑ, ඇය හෙදියක් නෙවෙයි. 
No, she isn't a nurse. 

ඇය මොනවද උගන්වන්නෙ?
What is she teaching?

ඇය උගන්වන්නෙ ඉංග්‍රීසි .
She is teaching English.

ඇය විද්‍යාව උගන්වන්නෙ නැද්ද?
Isn't she teaching science?

නෑ, ඇය විද්‍යාව උගන්වන්නෙ නෑ.
No, she isn't teaching science. 

ඇයට පුතෙක් ඉන්නවාද?
Does she have a son?

ඔව්, ඇයට පුතෙක් ඉන්නවා. 
Yes, she has a son. 

ඇයට දුවෙක් නැද්ද?
Doesn't she have a daughter?

නෑ, ඇයට දුවෙක් නෑ.
No, she doesn't have a daughter. 

ඇයට ළමයි කී දෙනෙක් ඉන්නවාද?
How many children does she have?

ඇයට ළමයි දෙන්නෙක් ඉන්නවා.
She has two children.


----------------------------------------------------------------------------------------------

Monday 1 June 2020

උක්ත අනුක්ත භේදය - සිංහල ව්‍යාකරණ


විෂය - සිංහල
මෙහෙයවීම - එම්. ඒ. සරත් මයා
දිනය - 2020.06.01
--------------------------------------

උක්ත අනුක්ත භේදය - සිංහල ව්‍යාකරණ















ක්‍රියාකාරකම්
1. සටහන නිර්මාණය කරන්න

සූත්‍ර - 17 පාඩම - ගණිතය

විෂය - ගණිතය
මෙහෙයවීම - කේ. ඒ. ගුණරත්න මයා
දිනය - 2020.06.01
------------------------------------------

සූත්‍ර - 17 පාඩම






Audio 1

Audio 2

------------------------------------------------------------------------------------------

Sunday 17 May 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ සමාජය - ICT

විෂය - ICT
මෙහෙයවීම - ප්‍රදීප් හේරත් මයා
දිනය - 2020.05.17
------------------------------------------

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ සමාජය

ආයුබෝවන් දරුවනේ,

අද අපි සාකච්ඡා කරන්න හදන්නේ 9 ශ්‍රේණියේ ICT විෂයට අදාල "තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ සමාජය" කියන පාඩමයි.




























ස්තූතියි දරුවනේ,
සුබ දවසක් නැවත හමුවෙමු...
------------------------------------------------------------------------------------------

Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...