මෙහෙයවීම - භාරත කුමාර රූපසිංහ මයා
සුබ සැන්දෑවක් සියලුම දරුවන්ට....... දැන් අපි චිත‍්‍ර පාඩම සඳහා සුදානම් වෙමු.
ඉතිහාසය
ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ චෙෙත්‍ය වන්දනාව හඳුන්වා දෙන ලද්දේ මහින්ද හිමියන් විසිනිග මහින්ද හිමියන් කරන ලද ඉල්ලීමක් පරිදි දේවානම්පිය තිස්ස රජු ථූපාරාමය චෙෙත්‍ය ඉදි කළේය. බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව මෙහි නිදන් කර තිබේ. චෙෙත්‍ය ප්‍රථමයෙන්ම ගොඩනංවා ඇත්තේ ධාන්‍යාකාර හැඩයෙනි :වී ගොඩක අකාරයෙනි'. මෙම දාගැබ වරින් වර විනාශ කිරීම් වලට ලක් විය. දෙවැනි අග්බෝ රජ සමයේ එය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර රජතුමා විසින් නැවත ගොඩනංවන ලදී. අපට වර්තමානයේ දක්නට ලැබෙන්නේ ක්‍රිගවග 1862 දී ගොඩනැංවු දාගැබයි. එම නිසා දාගැබෙහි වර්ථමානයේ හැඩය ඝණ්ඨාකාර වේ. ගෙවී ගිය ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ කිහිප වරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අදට පෙනෙන්නට තිබෙන චෙෙත්‍යයේ ගර්භයේ පාදම අඩි 59 :මී 18' විශ්කම්භයකින් යුතුය. උස අඩි 11 අඟල් 4 කි. :මී 3.45' විශ්කම්භය අඩි එකසිය හැට හතර හමාරකිග :මී.50.1' මළුවේ කළු ගල් අතුරා ඇත. ගල් කණු පේලි 2 ක් දාගැබ වටා ඇත්තේය. දාගැබ වටා මුල් කාලයේ වටදාගෙයක් තනා තිබුනේය.
ගෘහ නිර්මාණශිල්පය
උස් වේදිකාවක් මත වටදාගෙයක් තුල මෙම චෙෙතය ඉදිකර තිබී ඇත. වටදාගෙයහි දාගැබ වටා තිබූ බිත්තියත් ඊට ඉහලින් තිබූ පියස්සත් වර්තමානය වන විට අභාවයට ගොස් ඇති නමුත් පියස්ස දරා සිටි ගල්කණු පෙළි සතර තවමත් ආරක්ෂිතව පවතී. මෙම ගල් කණු පේළි සතර උසින් එකිෙනකට වෙනස් වේ. සෑම ඇතුල් පෙළකම ටැම් ඊට පිටත පෙළට වඩා උසින් වැඩිය. ගල් කණු සියල්ල අටපට්ටම් වර්ගයට අයත් එවා වේ. ටැම් හිස් වල ඇති කැටයම් ද එකිනෙනකට වෙනස්ය. පළමු හා දෙවන පේළි වල ටැම් හිස් ඝණ රුප වලින් ද තෙවන පේලිහි ටැම් හිස් පක්ෂී රෑප වලින් ද සිව් වන පේලිහි ටැම් හිස් මල් ලියකම් වලින් ද අලංකාර කර ඇත. නැගෙනහිර පිවිසුමට දකුණින් වන්දනාකරැවන්හේ පහසුව වෙනුවෙන් කුඩා පැන් දෙණියක් ඉදිකර ඇත. දාගැබට පිවිසීමට තනා ඇති පියගැට පෙළ හා ඒ දෙපස ඇති කොරවක්ගල්, මුරගල් හා සදකඩපහන ද අලංකාර නිර්මාණ වේ.
දරුවන් සියලුම දෙනාම අදාළ පාඩම හොඳින් අධ්‍යනය කරන්න.
අනතුරුව අසා ඇති ප‍්‍රශ්න වලට පිළිතුරු ලියන්න.
රූපසටහන් සහිතව සටහන පිටපත් කරගැනීම අවශ්‍ය කරුණක් බව සහිපත් කරමි.
පහත දැක්වෙන ලින්ක් හැකිනම් නරඔන්න.
You Tube Links
https://www.youtube.com/watch?v=-cG8TdSE9x0
https://www.youtube.com/watch?v=hVvM2c9TXR8
https://www.youtube.com/watch?v=QjnN9ZUoDdM&t=18s
මේපාඩමට අදාල බොලොග් පිටුව නරඔන්න මේ ලින්ක් එකට පිවිසෙන්න.
ගැටලූ ඇතිනම් විමසන්න පුද්ගලික වට්ස්ඇප් ගිණුම හරහා.
ආයුබෝවන් දරුවනේ.
Subscribe to:
Post Comments (Atom)
Let's speak in English
Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...
-
මෙහෙයවීම - විරාජ් ජයවර්ධන මයා ආයුබෝවන් හැමෝට අද පාඩම " කථක් නර්තන සම්ප්රදාය " පුතේ...... මෙහෙමයි මේ හැම සටහනක්ම ලියාගන්නවද නැ...
-
විෂය - සංගීතය මෙහෙයවීම - රංග ගුණවර්ධන මයා දිනය - 2020.04.30 ----------------------------------------------------------------------------...
-
විෂය - සිංහල මෙහෙයවීම - එම්. ඒ. සරත් මයා දිනය - 2020.06.01 -------------------------------------- උක්ත අනුක්ත භේදය - සිංහල ව්‍යාකරණ ...
No comments:
Post a Comment