මෙහෙයවීම - රංග ගුණවර්ධන මයා
සුභ සන්ධ්‍යාවක් වේවා 9 ශ්‍රේණියේ සංගීත විෂය හදාරන දරුවො හැමෝටම
දෙවන වාරයට නියමිත දෙවන පාඩම් මාතෘකාව භූපාලි රාගය
එම පාඩමට අදාළව විෂය කරුණු රාගධාරී සංගීතය කොටසේ සටහන් කරගන්න.
භූපාලි රාගය
රාගය :- භූපාලි
මේලය :- කල්‍යාණ
ආරෝහණ :- ස,රි,ග,ප,ධ,ස( මෙහි අවසාන ස ස්වරය උච්‍ය,සඩ්ජය විය යුතුයි.)
අවරෝහණ :- ස,ධ,ප,ග,රි,ස ( මෙහි පළමු ස ස්වරය උච්‍ය සඩ්ජය විය යුතුයි.)
ජාතිය :- ඖඩව - ඖඩව (5-5)
වාදී :- ග
සංවාදී :- ධ
මුක්‍යාංගය :- ගරිස,ධ,සරිග,පග,ධපග,රිස (මෙහි ධ ස්වරය මන්ද්‍ර විය යුතුයි)
ගායන සමය :- රාත්‍රී ප්‍රථම ප්‍රහරය
රස :- වීර,භක්ති
විශේෂ ලක්ශණ :- හින්දුස්ථානී රාගධාරී සංගීත පද්ධතියට අයත් භූපාලි රාගය කල්‍යාණ මේල ගත රාගයකි. ආරෝහණයේ දී හා අවරෝහණයේ දී මධ්‍යමය හා නිශාදය වර්ජිතව යෙදෙන අතර සෙසු ස්වර සියල්ල ශූද්ධව යෙදේ.
මෙම රාගයේ සරිප යන ස්වරයන් අනුවාදී ස්වර ලෙස යෙදෙන අතර ගාන්ධාරී හා දෛවතය ප්‍රබලව ඇසුරු කරයි. මෙම රාගයෙහි ගරිස,පධසරිග,ධපගරිග,සසධප,ගරිගප, ගරිසධප, පග,රිගප,ගරිසධස භූපාලි රාග භාවය හා රාග රසය මතු කරවන විශේෂ ස්වර සංගති වේ. වීර භක්ති රසයන්ගෙන් අනූන භූපාලි රාගය ලෝකප්‍රකට රාගයකි.
මන්ද්‍ර,මධ්‍ය,උච්‍ය ත්‍රිවිධ සප්තකයම ඇසුරු කරන භූපාලි රාගය අති මධුර රාගයකි.
භූපාලි රාගයේ ස්වර අභ්‍යාස
භූපාලි රාගයේ කෙටි ස්වර කණ්ඩ
Audio 1
Audio 2
Audio 3
Audio 4
Audio 5
පුතේ, මම මෙතෙක් ඉගැන්වූ භූපාලි රාගයට අදාළව සිද්ධාන්ත හා ප්‍රායෝගික කොටස් අධ්‍යයනය කරලා පහත සදහන් ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න. පිළිතුරු ලියා මාගේ පෞද්ගලික වට්සප් ගිණුම වෙත එවන්න.
1. භූපාලි රාගයේ ආරෝහණ හා අවරෝහණ ස්වර ලියන්න.
2. භූපාලි රාගයේ වර්ජිත ස්වර මොනවාද?
3. භූපාලි රාගයේ අනුවාදී ස්වර මොනවාද?
4. භූපාලි රාගයට අදාළව කෙටි ස්වර සංගති 5 ක් ලියන්න.
5. සරි,සරිග,සරිගප,...... මෙය භූපාලි රාගයට අනුව උච්ච සඩ්ජය දක්වා වර්ධනය කර ලියන්න.
6. භූපාලි රාගයේ ජාතිය කුමක්ද?
7. රාගයක ජාතිය තීරණය වීම සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නෙ කුමක්ද?
8. භූපාලි රාගයට අදාළ සර්ගම් ගීතයෙහි ස්ථායී කොටස තාලානුකූලව ස්වර ප්‍රස්ථාර කරන්න.
9. එම සර්ගම් ගීතයට අදාළ හින්දුස්ථානී තාලය ප්‍රස්ථාර කර දක්වන්න.
10. භූපාලි රාගයේ මුක්‍යාංගය ලියා දක්වන්න. ( මෙහි ක අකුර මහාප්‍රාණ විය යුතුයි.)
අදට පාඩම අවසන්. ලබන සතියේ නැවත හමුවෙමු.සියලු දෙනාට තෙරුවන් සරණයි.
ආයුබෝවන්
Subscribe to:
Post Comments (Atom)
Let's speak in English
Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...
-
මෙහෙයවීම - විරාජ් ජයවර්ධන මයා ආයුබෝවන් හැමෝට අද පාඩම " කථක් නර්තන සම්ප්රදාය " පුතේ...... මෙහෙමයි මේ හැම සටහනක්ම ලියාගන්නවද නැ...
-
විෂය - සංගීතය මෙහෙයවීම - රංග ගුණවර්ධන මයා දිනය - 2020.04.30 ----------------------------------------------------------------------------...
-
විෂය - සිංහල මෙහෙයවීම - එම්. ඒ. සරත් මයා දිනය - 2020.06.01 -------------------------------------- උක්ත අනුක්ත භේදය - සිංහල ව්‍යාකරණ ...
No comments:
Post a Comment