මෙහෙයවීම - විරාජ් ජයවර්ධන මයා
දිනය - 2020.05.14
--------------------------------------------------
දේශීය නාට්‍ය වර්ග හඳුනාගනිමු
සුභ උදෑසනක් තෙරුවන් සරණයි පුතාලා හැමෝටම.නර්තනය කරන දරුවෝ........ඉක්මනට එන්ඩෝ..........ඔන්න අද පාඩම කරන්න අමුත්තෙක් එනවා.
ආහ්...ආයුබෝවන්ට මයෙ පුතාලා........කෝ මෙන්න මෙහාට එමු බලන්ට.......
හප්පේ උඹලාව දකින්ටත් ආසයි බොලල්ලා....
දැන් කොයි කාලයක් වෙනවද ගෙදරටම වෙලා........හා හා ඒකෙන් කාරි නෑ ඕං උඹහැලට නං කොයියම්මවත් පාඩුවක් වුනේ නෑනොවැ...........
කොහොමින් කොහොම හරි පාඩම් වැඩ ටික කෙරුනානෙව......
හාහ්.......දැංනං ඕං මයෙ කොල්ලෝ ටිකක් ඇවිත් වගේ .....
හා හොඳා එහෙනං අපේ කාරිය ආරම්බ කොරමු සුනංගු නොවී.......
"දේශීය නාට්‍ය වර්ග හඳුනාගනිමු"
ඕං ඕක තමයි බොලං අද අපේ පාඩම....නාට්‍ය කියලා කියන්නේ.............
"මොනයම් හරි සිදුවීමක්,මොනයම් හරි කෙනෙක්ව,සතෙක්ව අනුකරණය කරමින් සතර අභිනය මාර්ගයෙන්" කොරන අපූරු ක්‍රියාකාරකමක්"කියලා කියන්ට පුලුවනි......
යෝයං ස්වභාවෝ ලෝකස්‍ය
සුඛ දුක්ඛ සමන්විතහ්......
ආංගිකාභිනයො පේතො
නාට්‍ය මිත්‍යුත්චතේ
සැප දුක ආදී ලෝක ස්වභාවයක් වෙයිද එය ආංගික ආදී අභිනයන්ගෙන් අනුකරණය කර දැක්වීම නාට්‍ය නම් වේ......
ඕං ඔය සොලෝකෙ කිව්වේ ඉන්දියාවේ හිටිය භරතමුණි කියන පඬිවරයයි කියනවනේ
තව තියෙනවා ඕනෑ තරං මයෙ පුතාලගෙ තරමට ඕක පාඩං කොරාගත්තම හොඳටෝම ඇති
මේක ලෝකෙ හැම රටකම වාගේ තියෙනවා.....ඒ වගේම මේ නාට්‍යය රඟ දැක්වෙන විදිය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා ඕං.......
හොඳා දැන් බලන්ට හොඳයි මා පුතාලා.........
වෙන් වෙන් වසයෙන් ඔය කියාපු නාට්‍ය වර්ග දිහා
මේ එවන සටහන් ලියාගෙන හරි කොයියම්ම කරමෙකට හරි ළඟ තියාගන්ට ඕනෑ පුතේ
දැං ඔය කියාපු ලෝකධර්මී නාට්‍ය වර්ගේ තෙරෙන්ට ඇති මයෙ හිතේ............
හිටිංකෝ තව අටුවා ටීකා ඇතුවම මේ වීඩියෝවකින්ම ඒ ගැන මං බොලාලට පෙන්නන්න........
ඕං දැන් හරිනෙව........
හැබෑටම ලංකාවේ මොනවදෑ ඔය ලෝක ධර්මී නාට්‍ය වර්ගෙට උදාහරණ පෙන්නන්න තියෙන්නෙ
හිටිංකෝ තව ඒවා තියෙනවා....
මුන්දෑ කියන මේ අපබ්‍රංස තේරුම් ගන්ට ඇහැකි නේද
කොල්ලන්ට....
ඕං ඔය කිව්ව ඒවට උදාහරණ..
ඕං ඔය තියෙන්නෙ....ශෛලිගත හෙවත් නාට්‍යධර්මී නාට්‍ය වල වෙස් ගැන්වීමනොවැ
හොඳා ලංකාවේ තවත් නාට්‍ය වර්ග දෙකක් තියෙනවා ඕං...ඒකත් බලමුකෝ....
හිටිං හිටිං ඊට කලියෙන් අර පෙර කීව නාට්‍ය වර්ග දෙකට උදාහරණ ඩිංගක් කියලා හිටිංන්නං
මේං අනිත් දෙවර්ගය
හොඳා කොලුවනේ.......ගීත නාට්‍ය ගැන හොඳාකාර අවබෝධයක් ගන්ට ඇහැකි ඔය කියලා තියෙන කරුණු කාරණා සිහිනුවණින් කායවන්ට ඕනෑ
ඕං මං වීඩියෝ පටියකුත් එවන්නංකො
හොඳා ඊගාව එක තමයි නැටුං කලාවට වැදගත්ම එක
මුද්‍රානාට්‍ය නැත්නං ඉඟිනළු ගැන වඩ වඩා හොයන්ට ඕනෙ
දෙබස් ,සංවාද නෑ....
නර්තනයෙන් තමා කොලුවනේ දුක,සතුට,වීරත්වය,තරහව,උත්සාහය මේ වාගේ හැම සිතුවිල්ලක්ම පෙන්නන්නේ
මුහුණේ හැඟීම් ප්‍රකාශණත් මහ ගොඩක් යොදා ගන්නවා... .මේ මුද්‍රා නාට්‍ය වලට
හිටිල්ලා මං එවන්නං පොටෝ කෑලි කීපයකුයි..වීඩියෝ පටියි
මේං මේකෙ "කරදිය" මුද්‍රානාට්‍යයට කරලිය කියලා තියෙන්නෙ ඕං
නිවැරදි කොරාගන්ට
හොඳා එහෙනං දැන් කොලුවන්ට ලංකාවේ තියෙන නාට්‍ය වර්ග ගැන අවබෝධයක් තියෙන්නට ඕනෑ......
උදාහරණ දෙපාර තුන්පාර බලලා ඒ රූප රාමු මතකයේ තියා ගන්ට ඕනෑ...
දැන් එවනවා මේ පාඩමෙන් අහන පුරස්න...
උත්තර දෙන්නේ මෙහෙමයි
ප්‍රශ්ණ සහ උත්තර කොල කෑල්ලක ලියාලා ඒ දෙකම කියවාලා උඹලැයි නැටුං ගුරුතුමා......ආහ් දෙපලක් ඉන්නවානොවැ.......විරාජ් ගුරුතුමාට voice masege එකකින් එවන්ට ඕනෑ...අදම.....
එහෙනං මං යන්ටයි සූජානම........මයෙ කොල්ලන්නට රත්නත්තරේ....දළදා හාමුදුරුවන්ගේ පිහිටයි...
------------------------------------------------------------------------------------------
No comments:
Post a Comment