ගීතය - සැන්දෑ කළුවර ගලා
ගායනය - සංගීත් නිපුන් සනත් නන්දසිරි
පද - සුනිල් සරත් පෙරේරා
සංගීතය - සංගීත් නිපුන් සනත් නන්දසිරි
මේ ඔබේ ප්‍රවීණ දේශක/ගුරු,
උදය බණ්ඩාර දසනායක........
මේක දශක ගණනක් අපි හැමෝම පිනවන ගීතයක්. අපි මේව හදුනගන්නෙ ගුවන්විදුලි ගීත හැටියට 70 දශකයෙන් හා ඉන් මෙහාට.
මේ ගීතයෙන් කතාකරන්නෙ අපේ ගෙදර ගැන. මේ ගීතය තුළ කතාකරන්නෙ අපේ තාත්තා. අපේ ආදරණීය තාත්තා "ඔබ" කියල ආදරයෙන් අමතන්නෙ ආදරණීය අම්මට. තවත් විදිහකට කිව්වොත් ආදරණීය ස්වාමිපුරුෂයා සදාදරණීය බිරිඳ ආමන්ත්‍රණය කිරීමක්. මේකට අපි "ගේහසිත් ප්‍රේමය" කියල කියනව.
ගීත රචකයා නිවස හදුනවන්න හරි අපූරු විශේෂණ පද ගොඩක් භාවිතා කරනව. "සෙනෙහස් දැල්වුණු නිවස", "කුරුලු කැදැල්ල", "අමා සුවය දෙන අතු පැල" වැනි ඉතාම අර්ථ පූර්ණ, භාව පූර්ණ යෙදුම්. මේ යෙදුම් වලින්, සැබෑ අඹුසැමි ප්‍රේමය හුවමාරුවන ගෙදරක් මොන තරම් සුන්දර තැනක් ද කියල හිතෙනව. මේ ගෙදර ආලෝකමත් වෙන්නෙ සෙනෙහසින්. අමාලෝකයා දැල්වුණු ආලෝකය අතෝරක් නැතිව ගලනවා. මේ ගෙදර උනුන් හා බැඳි සෙනෙහස ඒ වගේ ගේ පුරා පිරිල.
සාලය, නිදන කාමරය, කුස්සිය, ආලින්දය හැම තැනම.
කුරුලු කැදැල්ලක් කොච්චර සුවපහසු ද. මේ ගීතය අම්මට බිරිඳට ඇත්තටම සාධනීය ප්‍රබෝධකයක්. මම හිතන විදිහට මේ ගීතය තුළ මේ ස්වාමියා, තාත්තා ගැන කිසියම් අනුකම්පා සහගත හැඟීමක් ජනනය වෙනවා. ඔහුට බිරිඳට වගේ ගෙදර ඉන්න බැහැ. තරගයක් තියෙනවා. ඒකට යන්නම ඕන. වගකීමක්. "පිබිදෙන ලොව හා තරග කරන්නට හෙට අළුයම යළි පිටවිය යුතුවේ" යන ප්‍රකාශනය තාත්තගේ දෛනික වැඩ චක්‍රය මොනවට පැහැදිලි කරනවා.
මේ දෙන්නා කොච්චර එකිනෙකාට ආදරය කරනවා ද. වෙන්වෙලා ඉන්න හැම මොහොතේම ඔහු ඇගේ හදවතට කතා කරනවා. හදවතට ළං වෙනවා.ජංගම දුරකථනයෙන් පැයෙන් පැයට කෑවද බීවද නෑවද කියලා කියල අහන විලාසිතාවට වඩා මේ ප්‍රකාශනය කොච්චර සුවයක්ද කියලා මට හිතෙනවා. බුදුහාමුදුරුවෝ "දෙවෝ දේවියා සද්ධිං සංවසති" (දෙවියෙක් දේවතාවියක් එක්ක ඉන්නවා) යනුවෙන් විවාහයක් ගැන කළ දේශිතය සුනිල් සරත් පෙරේරා අර්ථකථනය කරන්නේ මේ විදිහට කියලා මට හිතෙනවා.
මට මේ ගීතයේ පද වැල චිත්‍රණය කරන රූප කාච දෙකක් පේනවා. එකක් මේ ස්වාමියාගේ චර්යා රටාවන් ගමන බිමන. අනෙක් පැත්තෙන් මේ බිරිඳගේ අතිශය රමණීය රූප කාව්‍යය.
arts is for men කලාව මිනිසා උදෙසා ය කියලා කියමනක් තියෙනවා. ඒ කිසියම් තර්කාත්මක දෙයක් අපට ග්‍රහණය වෙන්න ඕන කියන එක.
තව කියමනක් තියෙනවා poets are the unacknowledged legislators of the world. ඒ කියන්නේ කවියන් වනාහී නිල නොලත් නීති පනවන්නෝය.
මේ ගීතය සිමෙන්ති ගඩොල් ගෙයක් නිවහනක් කරන්නට කොච්චර දායකත්වයක් සපයනවා ද කියලා ආයෙ ආයෙ ආයෙ හිතන්න ඕන.
නන්දන වීරසිංහ හා ආරියවංශ රණවීර රණවීර යන කවියෙන් දෙදෙනාගේ "තුන්පෙති හතර පස්පෙති" කාව්‍ය සංග්‍රහයේ එන සංක්ෂිප්ත කවියක් මම මේ ගීතයේ පසු වදන හැටියට තියෙනවා. බලන්න පද වලට එබිලා කෙතරම් ගැඹුරක් තියෙනවා ද කියලා.
"රාත්‍රිය ඉඩ හරී සෑම නිවසකම ඇතුළු එලියට"
No comments:
Post a Comment