Thursday, 14 May 2020

දේශීය නාට්‍ය වර්ග හඳුනාගනිමු - නර්තනය

විෂය - නර්තනය 
මෙහෙයවීම - විරාජ් ජයවර්ධන මයා
දිනය - 2020.05.14
--------------------------------------------------

දේශීය නාට්‍ය වර්ග හඳුනාගනිමු

සුභ උදෑසනක් තෙරුවන් සරණයි පුතාලා හැමෝටම.
නර්තනය කරන දරුවෝ........ඉක්මනට එන්ඩෝ..........ඔන්න අද පාඩම කරන්න අමුත්තෙක් එනවා.

ආහ්...ආයුබෝවන්ට මයෙ පුතාලා........කෝ මෙන්න මෙහාට එමු බලන්ට.......

හප්පේ උඹලාව දකින්ටත් ආසයි බොලල්ලා....

දැන් කොයි කාලයක් වෙනවද ගෙදරටම වෙලා........හා හා ඒකෙන් කාරි  නෑ ඕං උඹහැලට නං කොයියම්මවත් පාඩුවක් වුනේ නෑනොවැ...........

කොහොමින් කොහොම හරි පාඩම් වැඩ ටික කෙරුනානෙව......

හාහ්.......දැංනං ඕං මයෙ කොල්ලෝ ටිකක් ඇවිත් වගේ .....

හා හොඳා එහෙනං අපේ කාරිය ආරම්බ කොරමු සුනංගු නොවී.......

"දේශීය නාට්‍ය වර්ග හඳුනාගනිමු"

ඕං ඕක තමයි බොලං අද අපේ පාඩම....

නාට්‍ය කියලා කියන්නේ.............

"මොනයම් හරි සිදුවීමක්,මොනයම් හරි කෙනෙක්ව,සතෙක්ව අනුකරණය කරමින් සතර අභිනය මාර්ගයෙන්" කොරන අපූරු ක්‍රියාකාරකමක්"කියලා කියන්ට  පුලුවනි......

යෝයං ස්වභාවෝ ලෝකස්‍ය
සුඛ දුක්ඛ සමන්විතහ්......
ආංගිකාභිනයො පේතො

නාට්‍ය මිත්‍යුත්චතේ

සැප දුක ආදී ලෝක ස්වභාවයක් වෙයිද එය ආංගික ආදී අභිනයන්ගෙන් අනුකරණය කර දැක්වීම නාට්‍ය නම් වේ......

ඕං ඔය සොලෝකෙ  කිව්වේ ඉන්දියාවේ හිටිය භරතමුණි කියන පඬිවරයයි කියනවනේ

තව තියෙනවා ඕනෑ තරං මයෙ පුතාලගෙ තරමට ඕක   පාඩං කොරාගත්තම හොඳටෝම ඇති

මේක ලෝකෙ හැම රටකම වාගේ තියෙනවා.....ඒ වගේම මේ නාට්‍යය රඟ දැක්වෙන විදිය අනුව ප්‍රධාන  කොටස් දෙකකට බෙදනවා ඕං.......


හොඳා දැන් බලන්ට හොඳයි මා පුතාලා.........

වෙන් වෙන් වසයෙන් ඔය කියාපු නාට්‍ය වර්ග දිහා
මේ එවන සටහන් ලියාගෙන හරි කොයියම්ම කරමෙකට හරි ළඟ තියාගන්ට ඕනෑ පුතේ

දැං ඔය කියාපු ලෝකධර්මී නාට්‍ය වර්ගේ තෙරෙන්ට ඇති මයෙ හිතේ............

හිටිංකෝ තව අටුවා ටීකා ඇතුවම මේ වීඩියෝවකින්ම ඒ ගැන මං බොලාලට පෙන්නන්න........
මව් දෙමව්පියන්නෙ අන්තර්ජංජාල පහසුකමේ ඩේටා තියෙන ආකාරෙට මේ හැම එකක්ම සුලුවෙන් හරි බලන්ටනං ඕනෑ කොලුවනේ....

ඕං දැන් හරිනෙව........

හැබෑටම ලංකාවේ මොනවදෑ ඔය ලෝක ධර්මී නාට්‍ය වර්ගෙට උදාහරණ පෙන්නන්න තියෙන්නෙ

හිටිංකෝ තව ඒවා තියෙනවා....


හොඳා ඕං දැං අපි බලමුකෝ අනෙක් වර්ගේ....


මුන්දෑ කියන මේ අපබ්‍රංස තේරුම් ගන්ට ඇහැකි නේද 

කොල්ලන්ට....
ඕං ඔය කිව්ව ඒවට උදාහරණ..







ඕං ඔය තියෙන්නෙ....ශෛලිගත හෙවත් නාට්‍යධර්මී නාට්‍ය වල වෙස් ගැන්වීමනොවැ
හොඳා ලංකාවේ තවත් නාට්‍ය වර්ග දෙකක් තියෙනවා ඕං...ඒකත් බලමුකෝ....
හිටිං හිටිං ඊට කලියෙන් අර පෙර කීව නාට්‍ය වර්ග දෙකට උදාහරණ ඩිංගක් කියලා හිටිංන්නං


මේං අනිත් දෙවර්ගය


හොඳා කොලුවනේ.......ගීත නාට්‍ය ගැන හොඳාකාර අවබෝධයක් ගන්ට ඇහැකි ඔය කියලා තියෙන කරුණු කාරණා සිහිනුවණින් කායවන්ට ඕනෑ

ඕං මං වීඩියෝ පටියකුත් එවන්නංකො


හොඳා ඊගාව එක තමයි නැටුං කලාවට වැදගත්ම එක



මුද්‍රානාට්‍ය නැත්නං ඉඟිනළු ගැන වඩ වඩා හොයන්ට ඕනෙ

දෙබස් ,සංවාද නෑ....

නර්තනයෙන් තමා කොලුවනේ දුක,සතුට,වීරත්වය,තරහව,උත්සාහය මේ වාගේ හැම සිතුවිල්ලක්ම පෙන්නන්නේ

මුහුණේ හැඟීම් ප්‍රකාශණත් මහ ගොඩක් යොදා ගන්නවා... .මේ මුද්‍රා නාට්‍ය වලට

හිටිල්ලා මං එවන්නං පොටෝ කෑලි කීපයකුයි..වීඩියෝ පටියි





මේං මේකෙ "කරදිය" මුද්‍රානාට්‍යයට කරලිය කියලා තියෙන්නෙ ඕං

නිවැරදි කොරාගන්ට




හොඳා එහෙනං දැන් කොලුවන්ට ලංකාවේ තියෙන නාට්‍ය වර්ග ගැන අවබෝධයක් තියෙන්නට ඕනෑ......

උදාහරණ දෙපාර තුන්පාර බලලා ඒ රූප රාමු මතකයේ තියා ගන්ට ඕනෑ...

දැන් එවනවා මේ පාඩමෙන් අහන පුරස්න...
උත්තර දෙන්නේ මෙහෙමයි

ප්‍රශ්ණ සහ උත්තර කොල කෑල්ලක ලියාලා ඒ දෙකම කියවාලා උඹලැයි නැටුං ගුරුතුමා......ආහ් දෙපලක් ඉන්නවානොවැ.......විරාජ් ගුරුතුමාට  voice masege එකකින් එවන්ට ඕනෑ...අදම.....

එහෙනං මං යන්ටයි සූජානම........මයෙ කොල්ලන්නට රත්නත්තරේ....දළදා හාමුදුරුවන්ගේ පිහිටයි...
------------------------------------------------------------------------------------------

Wednesday, 13 May 2020

යහජීවනයක අවශ්‍යතාවය - භූගෝල විද්‍යාව

විෂය - භූගෝල විද්‍යාව
මෙහෙයවීම - ප්‍රභාත් මධුරංග මයා
දිනය - 2020.05.13
-----------------------------------------------

යහජීවනයක අවශ්‍යතාවය

අද අපි කතා කතා කරන්නට සූදානම් වන්නේ යහජීවනය ක අවශ්‍යතාවය යන මාතෘකාවයි.
සුභ සැන්දෑවක් සහ සෑම පුතකුට ම  ප්‍රාර්ථනා කරන අතර ආයුබෝවන් අපේ පුතාලා!

Audio 1       Audio 2      Audio 3       Audio 4

------------------------------------------------------------------------------------------

ශාක වර්ධක - විද්‍යාව

විෂය - විද්‍යාව
මෙහෙයවීම - නදිත් උපේන්ද්‍ර නිශ්ශංක මයා 
දිනය - 2020.05.13
----------------------------------------------------

ශාක වර්ධක

ආයුබෝවන් දරුවනෙ,
අද අපි ශාක වර්ධක පාඩම ඉගෙන ගැනිමටයි යන්නෙ.
Audio 1
Audio 2
Audio 3
Audio 4
Audio 5
ඉස්කෝලේ සටහන් පොතේම මෙ පහත එවන සටහන් එ ආකාරයටම ලස්සනට ලියා ගන්ඩ.

86 පිටුවෙ වගුවත් ඇද ගන්ඩ.
මෙන්න මම හදපු වගා ගහ
එහි ජල සැලැස්ම


ජලය අපතෙ යන් නැති විදිහට එකකින් එකකට වැටෙන විදිහට හදලා තියෙන්නෙ
Video 1

Video 2
-----------------------------------------------------------------------------------------

Tuesday, 12 May 2020

සීල සුගන්ධය ම උතුම් වන්නේය II -බුද්ධ ධර්මය

විෂය - බුද්ධ ධර්මය
මෙහෙයවීම - පියසේන මයා
දිනය - 2020.05.12
----------------------------------------------

සීල සුගන්ධය ම උතුම් වන්නේය II


Audio 1

Audio 2

-----------------------------------------------------------------------------------------

Tenses - English Grammar with Mr.Chandana

Subject - English
Conducted by Mr. Chandana Rajamanthri
Date - 2020.05.12
-----------------------------------------------------

Tenses

According to the Cambridge dictionary a tense is an any of the forms of a verb which show the time at which an action happened.

කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට අනුව ක්‍රියාවක් සිදු වූ වේලාව පෙන්වන ක්‍රියා පදයක ඕනෑම ආකාරයක් මෙනමින් හැඳින්වේ.
Structures of tenses

Usage of verb tenses in sentences (කාලභේදය වාක්‍ය තුළ භාවිතය)



You will be able to have a complete idea about tenses through this video. 
මෙම වීඩියෝව හරහා කාලභේදය පිළිබඳ පූර්ණ අදහසක් ඔබට ලබා ගත හැකිය.

Important (වැදගත්)
All the explanations are in Sinhala and English languages.
සියලුම පැහැදිලි කිරීම් සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් සමන්විත වේ.



Thank you my dear children....
--------------------------------------------------------------------------------

Monday, 11 May 2020

කාව්‍ය නිර්මාණකරණය සහ උපක්‍රම II - සිංහල

විෂය - සිංහල
මෙහෙයවීම - එම්. ඒ. සරත් මයා
දිනය - 2020.05.11
----------------------------------------------------------

කාව්‍ය නිර්මාණකරණය සහ උපක්‍රම II

Audio 1

Audio 2

Audio 3



Audio 4      Audio 5     Audio 6    Audio 7



Audio 8



Audio 9    Audio 10    Audio 11    Audio 12    Audio 13

Audio 14    Audio 15    Audio 16    Audio 17    Audio 18

Audio 19    Audio 20    Audio 21    Audio 22    Audio 23

ක්‍රියාකාරකම්.


1. සමස්ත පාඩම සඳහම සටහනක් සකස් කරන්න.
2. කවියක මුඛ්‍යාංග මොනවාද? ඒවා ලියා දක්වන්න.
3. පහත සඳහන් මාතෘකා සඳහා කෙටි සටහන් ලියන්න.

  • ප්‍රතිභාව
  • පරිකල්පනය
  • කාව්‍ය භාෂාව
  • ඖචිත්‍ය
  • ව්‍යංගය
4. අප ඉගෙනගත් අලංකාර සඳහා තවත් නිදසුන් දෙක බැගින් සොයා ලියන්න.

Audio 24

------------------------------------------------------------------------------

වැටයීම හා විද්‍යාත්මක අංකනය - ගණිතය

විෂය - ගණිතය
මෙහෙයවීම - කේ. ඒ. ගුණරත්න මයා
දිනය - 2020.05.11
-------------------------------------------------

වැටයීම හා විද්‍යාත්මක අංකනය







Audio 1

Audio 2

---------------------------------------------------------------------------------------------

Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...