Tuesday, 2 June 2020

Let's speak in English

Subject - English
Conducted by Mr. Chandana Rajamanthri
Date - 2020.06.06
-----------------------------------------

Let's speak in English

PART 06 

මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හදන්නේ.
I'm going to start a business.

ඒත් මට ප්‍රමාණවත් මුදල් නෑ ඒ සඳහා 
But I don't have enugh money for that. 

ඉතින් මට වෙනවා ණයක් ගන්න. 
So I have to take a loan. 

ඔයා මොනවාද කරන්න හදන්නේ?
What are you going to do?

මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හදන්නේ
I'm going to start a business.

මොන වගේ ව්‍යාපාරයක්ද?
What kind of business?

මම ගඩොල් නිෂ්පාදනය කරන්න හදන්නේ
I'm going to produce bricks. 

ඔයාට මුදල් තියෙනවාද ඒ සඳහා?
Do you have money for that?

මගේ ළඟ යම් මුදලක් තියෙනවා. 
I have some money. 

ඒක ඇතිද?
Is that enough?

මම එහෙම හිතන්නේ නෑ. 
I don't think so. 

ඔයාට ණයක් ගන්න වෙනවාද?
Do you have to take a loan?

ඔව්, මට ණයක් ගන්න වෙනවා. 
Yes, I have to take a loan. 

ඔයා කොච්චර ගන්න බලාපොරොත්තු වෙනවාද?
How much do you expect to take?

මට බැංකුව සමග සාකච්ඡා කරන්න වෙනවා ඒ ගැන. 
I have to discuss with the bank about that.


PART 07

බබා අඬනවා.
The baby is crying. 

ඔහුට බඩගිනි වෙන්න ඇති. 
May be he is hungry. 

ඔහුගේ මව ගෙදර නෑ. 
His mother is not at home. 

බබා අඬනවාද?
Is the baby crying?

ඔව්, ඔහු අඬනවා. 
Yes, he is crying. 

ඔහුට වයස කීයද?
How old is he?

ඔහුට අවුරුද්දක් විතරයි. 
He is only one year old. 

ඔහු සුරතල් බබෙක්ද?
Is he a cute baby?

ඔව්, ඔහු සුරතල් බබෙක්.
Yes, he is a cute baby. 

ඇයි ඔහු අඬන්නේ?
Why is he crying?

ඔහුට බඩගිනි වෙන්න ඇති. 
May be he is hungry. 

අපිට බැරිද ඔහුට කවන්න?
Can't we feed him?

අපි උත්සාහ කරමු.
Let's try. 

ඔහුගේ මව ගෙදර නැද්ද?
Isn't his mother at home?

නෑ, ඇය ගෙදර නෑ. 
No, she is not at home. 

ඇය කොහේද?
Where is she?

ඇය පොළට ගිහිල්ලා.
She has gone to the fair.


PART 08

අද මට නිවාඩු දිනයක්.
Today is a holiday for me.

ඉතින් මම විවේකීව ඉන්නවා.
So I'm free. 

මම බලාපොරොත්තු වෙනවා වෙරළට යන්න හවසට. 
I hope to go to the beach in the evening.

අද ඔයාට නිවාඩු දවසක්ද?
Is today a holiday for you?

ඔව්, අද මට නිවාඩු දිනයක්. 
Yes, today is a holiday for me. 

අද ඔයා වැඩට යන්නේ නැද්ද?
Aren't you going to work today?

නෑ, අද මම වැඩට යන්නේ නෑ. 
No, I'm not going to work today. 

ඔයාට නිදහස්ද අද?
Are you free today?

ඔව්, මම අද නිදහස්
(මට අද නිදහසක් තියෙනවා)
Yes, I'm free today. 
(Yes, I have free today.)

ඔයා අද කාර්යබහුල නැද්ද?
Aren't you busy today?

නෑ, මම අද කාර්යබහුල නෑ. 
No, I'm not busy today. 

ඔයා වෙරළට යන්න බලාපොරොත්තු වෙනවාද?
Do you hope to go to the beach?

ඔව්, මම වෙරළට යන්න බලාපොරොත්තු වෙනවා. 
Yes, I hope to go to the beach. 

කා සමගද ඔයා යන්නේ එහේ?
With whom are you going there?

මම යනවා මගේ මිතුරන් සමග.
I'm going with my friends.


PART 09

කමල් වෛද්‍යවරයෙක්.
Kamal is a doctor. 

ඔහු වැඩ කරනවා මහ රෝහලේ. 
He works at the general hospital. 

ඔහුට කාර් එකක් තියෙනවා. 
He has a car. 

කමල් වෛද්‍යවරයෙක්ද?
Is Kamal a doctor?

ඔව්, කමල් වෛද්‍යවරයෙක්.
Yes, Kamal is a doctor.

කමල් ව්‍යාපාරිකයෙක් නෙවෙයිද?
Isn't Kamal a businessman?

නෑ, කමල් ව්‍යාපාරිකයෙක් නෙවෙයි.
No, Kamal isn't a businessman. 

ඔහු කොහේද වැඩකරන්නේ?
Where does he work?

ඔහු වැඩ කරන්නේ මහ රෝහලේ. 
He works at the general hospital. 

ඔහු ඉරිදා වැඩකරන්නේ නැද්ද?
Doesn't he work on Sunday?

ඔහුට නිවාඩු ඉරිදට.
He is free on Sunday. 

ඔහුට කාර් එකක් තියෙනවාද?
Does he have a car?

ඔව්, ඔහුට කාර් එකක් තියෙනවා. 
Yes, he has a car. 

ඔහුට ලොරියක් නැද්ද?
Doesn't he have a lorry. 

නෑ, ඔහුට ලොරියක් නෑ.
No, he doesn't have a lorry.


PART 10

ඇය ගුරුවරියක්.
She is a teacher. 

ඇය ඉංග්‍රීසි උගන්වනවා
She is teaching English. 

ඇයට පුතෙක් ඉන්නවා.
She has a son. 

ඇය ගුරුවරියක්ද?
Is she a teacher?

ඔව්, ඇය ගුරුවරියක්.
Yes, she is a teacher. 

ඇය හෙදියක් නෙවෙයිද?
Isn't she a nurse?

නෑ, ඇය හෙදියක් නෙවෙයි. 
No, she isn't a nurse. 

ඇය මොනවද උගන්වන්නෙ?
What is she teaching?

ඇය උගන්වන්නෙ ඉංග්‍රීසි .
She is teaching English.

ඇය විද්‍යාව උගන්වන්නෙ නැද්ද?
Isn't she teaching science?

නෑ, ඇය විද්‍යාව උගන්වන්නෙ නෑ.
No, she isn't teaching science. 

ඇයට පුතෙක් ඉන්නවාද?
Does she have a son?

ඔව්, ඇයට පුතෙක් ඉන්නවා. 
Yes, she has a son. 

ඇයට දුවෙක් නැද්ද?
Doesn't she have a daughter?

නෑ, ඇයට දුවෙක් නෑ.
No, she doesn't have a daughter. 

ඇයට ළමයි කී දෙනෙක් ඉන්නවාද?
How many children does she have?

ඇයට ළමයි දෙන්නෙක් ඉන්නවා.
She has two children.


----------------------------------------------------------------------------------------------

Monday, 1 June 2020

උක්ත අනුක්ත භේදය - සිංහල ව්‍යාකරණ


විෂය - සිංහල
මෙහෙයවීම - එම්. ඒ. සරත් මයා
දිනය - 2020.06.01
--------------------------------------

උක්ත අනුක්ත භේදය - සිංහල ව්‍යාකරණ















ක්‍රියාකාරකම්
1. සටහන නිර්මාණය කරන්න

සූත්‍ර - 17 පාඩම - ගණිතය

විෂය - ගණිතය
මෙහෙයවීම - කේ. ඒ. ගුණරත්න මයා
දිනය - 2020.06.01
------------------------------------------

සූත්‍ර - 17 පාඩම






Audio 1

Audio 2

------------------------------------------------------------------------------------------

Sunday, 17 May 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ සමාජය - ICT

විෂය - ICT
මෙහෙයවීම - ප්‍රදීප් හේරත් මයා
දිනය - 2020.05.17
------------------------------------------

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ සමාජය

ආයුබෝවන් දරුවනේ,

අද අපි සාකච්ඡා කරන්න හදන්නේ 9 ශ්‍රේණියේ ICT විෂයට අදාල "තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ සමාජය" කියන පාඩමයි.




























ස්තූතියි දරුවනේ,
සුබ දවසක් නැවත හමුවෙමු...
------------------------------------------------------------------------------------------

දෙමළ පාඩම - චන්දන රාජමන්ත්‍රී මයා

විෂය - දෙමළ
මෙහෙයවීම - චන්දන රාජමන්ත්‍රී මයා
දිනය - 2020.05.17
----------------------------------------------
ආයුබෝවන් දරුවනේ,
අද දින දෙමළ පාඩම සඳහා වන වීඩියෝ සබැඳිය (link) යොමු කරනු ලැබේ.

https://learntv.lk/video/grade-09/tamil/tamil-09-02-20-512k.mp4

Friday, 15 May 2020

Art is the only way to run away without leaving home - English

Subject - English
Conducted by Mr. Chandana Rajamanthri
Date - 2020.05.16
--------------------------------------------------

Art is the only way to run away without leaving home


Audio 1


Audio 2

Objectives 

1. To enhance the reading ability by reading the role play. 

2. To develop the comprehension ability by writing answers for the questions.

3. To develop the ability of transforming information to a table.


4. To develop the ability of transforming by transforming given information in a table to a paragraph.

Audio 3

Audio 4

Audio 5

Isuru, Prakash, Anjana, Amandi and Naleem are friends and they are  in the same class at school. They are drawing pictures for the school art exhibition.

Isuru : 
Hey Anjana, can you pass me the red and yellow pastels, please?

Anjana : 
Here’s the yellow one and the red is with Naleem.

Naleem : 
Give me a minute. I’m going to draw something different this time. 

Isuru : 
What do you mean?

Naleem : 
I’m going to show the different expressions of people in my work of art. 

Isuru : 
That sounds great. By the way Amandi, are you going to use only the pencil for your drawing?

Amandi : 
Yes, I’m drawing portraits of national heroes and world famous personalities.

Anjana : 
How interesting! We seem to have a number of specialists with us. Amandi uses the pencil, Prakash the pen and…

Prakash : 
Well, I use charcoal too. Look at this still life drawing that I’m doing. I have used both pencil and charcoal. 

Naleem : 
I find it difficult to use charcoal because I can’t get the smooth finish that I want for my work with it.

Prakash : 
I see. Hey, it’s a beautiful picture of the rural landscape, Isuru.

Isuru : 
Thanks. I like to draw pictures of different scenery. My! 
Look at the patterns on Anjana’s picture! 

Prakash : 
Wow! They are ideal for new fashion designs.

Anjana : 
Thanks. Oh, by the way, are we not going to have any sculptures at the exhibition?

Amandi : 
Sculptures, carvings and other types of exhibits are handled by grade 11, 12 and 13.

Isuru : 
That means we are only drawing scenery, portraits, still life pictures and mm..

Prakash : 
Why? What about cartoons? Shall we draw a few?

Isuru : 

Aha, I forgot it. Yes, that would be better.

Audio 6

Audio 7

හඬපට වලට නැවත නැවතත් සවන් දෙමින් විනාඩි 15 ක කාලයක් තුළ පාඩමේ අන්තර්ගත දෙබස නිවැරදිව උච්චාරණය කිරීමටත් එහි අර්ථය වටහා ගැනීමට උත්සාහ කරන්න.


Audio 8

Audio 9

Vocabulary 

 Exhibition
A public showing of objects or products. 

 Pastels
A medium of colours like crayon 

 Different 
Various, diverse

 Expressions
A particular way of expressing ideas.

 Portraits 
A painting of a person, specially the head and shoulders.

 Hero
Somebody who possess a greate bravery.

 Famous
 Popular, Well known

 Charcoal 
A stick of black carbon material used for drawing.

 Still life drawing
An art depicting an arrangement inanimate  objects. 

 Rural
Opposite of urban

 Landscape
A picture representing a scene by land and nature.

 Sculptures
 A three-dimensional work of art created by sculpting.

 Carvings 
A craft of producting carved object. 

 Cartoons
Comic strips 

 Interesting fascinating

Specialists
Someone who is an expert in something. 

Smooth
Not rough 

Scenery
View

Fasion
Style 

Pattern

A regular, repeated design.

විනාඩි 15ක කාලයක් තුළ හඬපට වලද උදවු ඇතිව ඉහත වචන ලැයිස්තුව ඒ ආකාරයෙන් ම ඔබේ සටහන් පොතේ සටහන් කර ගන්න.

Audio 10

Answering the questions 

A) Read the text and state if the following are “True” or “False”.

1. Only five friends are drawing pictures for the exhibition.

2. The friends are using different media of drawing.

3. Isuru has drawn a portrait.

4. Only Isuru and Prakash will draw cartoons.

5. Grade 12 pupils are not responsible for sculptures.


B) Fill in the table

විනාඩි 10 ක කාලයක් තුළ ඉහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

Audio 11
Audio 12

Isuru
Pictures of different scenery - Pastel 

Prakash 
Still life drawing - Pen, pencil and charcoal .

Anjana 
Fashion designs - Pastel 

Amandi 
Portraits of national heroes and World famous personalities - Pencil 

Naleem 

The different expressions of people -  Pastel

Audio 13

Title of the paragraph 

Preparations of the students for the art exhibition

Audio 14

----------------------------------------------------------------------------------------

සර්පිනාවේ ව්‍යුහය,විවිධත්වය හා එහි යාන්ත්‍රණය - සංගීතය

විෂය - සංගීතය
මෙහෙයවීම - රංග ගුණවර්ධන මයා
දිනය - 2020.05.14
------------------------------------------------

සර්පිනාවේ ව්‍යුහය,විවිධත්වය හා එහි යාන්ත්‍රණය

හොදයි පුතේ අද දවසට නියමිත පාඩම අධ්‍යයනය කරමු. මේ පාඩමට අදාළව දෙන සටහන් සිද්ධාන්ත කොටසේ සටහන් කරගන්න.

සර්පිනාවේ ව්‍යුහය,විවිධත්වය හා එහි යාන්ත්‍රණය


ස්වර පුවරු වාද්‍ය භාණ්ඩ අතර ප්‍රචලිත වාද්‍ය භාණ්ඩයක් ලෙස ස්වපිනාව හැදින්විය හැක.ඉන්දියානු උත්තර භාරතීය රාගධාරී සංගීත පද්ධතිය තුළ ප්‍රමුඛ ස්වර පුවරු වාද්‍ය භාණ්ඩයක් ලෙස ස්වපිනාවට සුවිශේෂී ස්ථානයක් හිමිවේ.අපරදිග සංගීත සම්ප්‍රදාය තුළ බිහිවී පෙරදිගට සංක්‍රමණය වූ වාද්‍ය භාණ්ඩයකි.මෙය උත්තර භාරතීය සංගීත පද්ධතිය තුළ "හාර්මෝනියම්"ලෙස හදුන්වයි.

සර්පිනාවේ භාහිර ස්වරූපය අනුව මෙය හතරැස් පෙට්ටියක හැඩයකින් සමන්විතය.මෙය දැවයෙන් නිමවා ඇති අතර අවශ්‍යතාව පරිදි ලෝහ ද්‍රව්‍ය යොදා සකස් කර ඇත.මෙහි කොටස් 2 ක් පවතින අතර එය මැදින් බෙදා වෙන්කර ඇත.එම බෙදීම සිදුකර ඇත්තේ උඩ් තට්ටුව හා යට තට්ටුව වශයෙනි.යට තට්ටුවේ පිරෙන වාතය උඩ තට්ටුවට ගැනීම සදහා මැද ලෑල්ලේ සිදුරු 6ක් හෝ 8 ක් ඇත.එම ලෑල්ල මතුපිට කොටස් 2 ක් හෝ 3 කට බෙදා ඇත.නළා කාණ්ඩ අනුව එම කොටස් ගණන වෙනස් වේ.සිදුරු විවෘත කිරීම හා වැසීම සදහා කම්බි කූරක් අග හතරැස් ලී යතුරු කැබැල්ලක් රදවා තිබේ.එය ව්‍යවහාරික බසින් "ස්ටොපර්ස්" නමින් හදුන්වයි.

එය තල්ලු කිරීමෙන් සුළං  සිදුරු වැසීම ද ඇදීමෙන් සුළං සිදුරු විවෘත වීමද සිදුවේ.පහළ මන්ද්‍ර සප්තකයේ සිට උච්‍ය සප්තකය දක්වා නළා 36 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සර්පිනාවේ එසවිය හැකි පහළ මැද ලෑල්ලට සවිකොට තිබේ.

සර්පිනාව සදහා සුළං නිපදවෙන්නේ "බැලෝව" මගිනි.එය තරමක් ඝන හාර්ඩ් බෝඩ් හා තුනී ලෙදර් සමින් නිමවා ඇත.මෙවැනි බලෝ 2 ක් සාමාන්‍ය සර්පිනාවක පිහිටා ඇත.සර්පිනා වර්ග කිරීමේ දී බැලෝව ද විශේෂත්වයක් උසුලයි.විවිධ බැලෝ වර්ග අනුව සර්පිනා ප්‍රබේධ කීපයක් මෙසේය.
* හෑන්ඩ් බැලෝ සර්පිනාව (අතින් බැලෝ කිරීම)
* ෆුට් බැලෝ සර්පිනාව (පාද වලින් බැලෝ කිරීම)
* සිංගල් රීඩ් 
* ඩබල් රීඩ් 
* ත්‍රීසෙට්
* සයිඩ් බැලෝ
* ඔටෝමැටික් ස්කේල් චේන්ජර්

* එකෝඩියන් බැලෝ

සර්පිනා වාදන ශිල්ප ක්‍රම

සර්පිනාවේ වාදන ශෛලිය අනුව ප්‍රධාන වශයෙන් ප්‍රබේධ 2 කට බෙදා දැක්විය හැක.

1. හෑන්ඩ් බැලෝ සර්පිනා

හෑන්ඩ් බැලෝ සර්පිනා තනි අතින් වයන අතර හෑන්ඩ් බැලෝ වාදනය සදහා දකුණත හා වමත යන දෑතම විවිධ ශිල්පීන් භාවිතා කරනු දැකිය හැක.

2. ෆුට් බැලෝ 


ෆුට් බැලෝ පාද වලින් බැලෝ කරන අතර දෑතින් යතුරු පුවරුව වාදනය කරනු ලබයි.අතීතයේ දී ෆුට් බැලෝ සර්පිනා භාවිත වූ අතර වර්ථමානයේ දී හෑන්ඩ් බැලෝ සර්පිනාව බහුලව භාවිතා කෙරේ.


ඉහත දක්වා ඇත්තේ හෑන්ඩ් බැලෝ සර්පිනාවකි.

එහි මූලික අංග නම් කර ඇත. හොදින් අධ්‍යයනය කරන්න.


ඉහත දක්වා ඇති වීඩියෝව නරඹන්න. එය ෆුට් බැලෝ සර්පිනා වාදනයකි.


ඉහත වීඩියෝව නරඹන්න. එය ඔබ නිරතුරුවම දැක ඇති හෑන්ඩ් බැලෝ සර්පිනා වාදනයකි.

එහෙනම් අපි දැන් සර්පිනාව භාවිත කරන  අවස්ථා අධ්‍යයනය කරමු.

උතුරු ඉන්දීය ක්‍යාල්,ගසල්,බජන්, කෞවාලි ගායනයේ දී ප්‍රධානතම වාද්‍ය භාණ්ඩය ලෙස සර්පිනාව යොදා ගනු ලැබේ.උත්තර භාරතීය ශාස්ත්‍රීය රාගධාරී සංගීතයේදි ප්‍රධාන වාදන ශෛලියක් ලෙස "හාමෝනියම්" වාදනය යොදා ගැනේ.ශාස්ත්‍රීය රාගධාරී ගායනා වලදී විශේෂයෙන් ක්‍යාල් ගායනයේ දී ඍතිය පවත්වා ගැනීම සදහා ද හාර්මෝනියම් වාදනය යොදා ගනී.විශේෂයෙන් ශාස්ත්‍රීය තබ්ලා වාදන වලදී ද "ලෙහෙරා" වාදන ශෛලියේ දී තාලය පවත්වා ගැනීම සදහා ස්වර පුවරු වාද්‍ය භාණ්ඩයක් ලෙස සර්පිනාව යොදා ගැනීම විශේෂත්වයකි.සුසිර වාද්‍ය භාණ්ඩ අතර සර්පිනාව හින්දුස්ථානී සංගීත පද්ධතියට අනුව ප්‍රමුඛ වාද්‍ය භාණ්ඩයක් ලෙස යොදා ගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ අතීතයේ දී ටීටර් නාට්‍ය ලෙස හැදින්වූ "නූර්ති නාට්‍ය" කලාවේදී නූර්ති නාට්‍ය සංගීතය සදහා ප්‍රධානතම ස්වර වාද්‍ය භාණ්ඩය ලෙස සර්පිනාව යොදා ගන්නා ලදී.ශාස්ත්‍රීය,සරල ශාස්ත්‍රීය හා ව්‍යවහාරික සංගීතයේ දී ගායන හා වාදනයන් සදහා සර්පිනාවට අද්විතීය ස්‍ථානයක් හිමි වේ.

එහෙනම් පුතේ අදට පාඩම අවසානයි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි.

ආයුබෝවන් 
-------------------------------------------------------------------------------------------

Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...